අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය යෝජනා රැගෙන ජනපති පාර්ලිමේන්තු පරිශ්‍රයට Featured

    ඔක්තෝබර් 24, 2014

    ජනාධිපති, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 වසර සඳහා වන අය-වැය යෝජනා සහිත බ්‍රීෆ් කේසය ද රැගෙන පාර්ලිමේන්තු පරිශ්‍රයට මීට සුළු මොහොතකට පෙර (පස්වරු 01.11ට පමණ) ළඟා විණි.


    පාර්ලිමේන්තුවේ සියලු පනත් කෙටුම්පත් සම්මත වන ආකාරයට ම විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අය-වැය සම්මත වුණ ද එය අනෙක් කවර පනත් කෙටුම්පතකටත් වඩා වැඩි විශේෂත්වයක් දක්වයි.


    නිදහස් ශ්‍රී ලංකාවේ අය-වැය ඉදිරිපත් කිරීම ආරම්භ වූ දා සිට ම ඒ දෙස රට ම බලා සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ එමඟින් ඉදිරිපත් වන බැවිණි.


    එම අය-වැය ලේඛනය මඟින් ලබන 2015 වසරේ දී මේ රට ගෙනයන අන්දම අද ජනාධිපතිතුමා රටට හෙළිකරයි. එය දැනගැනීම සඳහා මුළු රට ම මේ වනවිට සූදානමින් සිටී.


    ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන් ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මේ වනවිටත් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණෙමින් සිටිති. සභාවේ ගැලරි සියල්ල ම විශේෂ ආරාධිතයන්ගෙන් පිරී පවතී.


    මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අද පස්වරු 1.35ට පමණ ජනාධිපතිතුමා අය-වැය කතාව ආරම්භ කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya