Print this page

අය - වැය හෙට Featured

ඔක්තෝබර් 23, 2014
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් අඛණ්ඩ ව ඉදිරිපත් කරන දහවැනි අය-වැය වාර්තාව හෙට (24) පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයට පත් කෙරේ.
 
මෙවර අය-වැයෙන් දිළිඳුකම, ඇති නැති පරතරය තවදුරටත් අඩුකිරීමටත්, මෙතෙක් කරගෙන ආ සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමටත් අදාළ දිරිගැන්වීම් ලබා දීමට ද කටයුතු කෙරේ.
 
මෙම අයවැයේ දී සාර්ව ආර්ථික අරමුණු ජයගැනීමට එනම් අය-වැය හිඟය අඩුකර ගැනීමටත්, උද්ධමනය, විරැකියාව, පොලී අනුපාතය තවදුරටත් පහළ දමා ගැනීමට, දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීම, වාර්ෂික ආර්ථික වර්ධන වේගය වේගවත් කිරීමට වැඩි අවධානයක් යොමු කෙරෙන අතර ආර්ථික අතින් සවිමත් පුද්ගලයෙක් පවුලක් තැනීමට දිරිදීම්, ගම, නගර යා කෙරෙන දුර සහ කාලය අඩු කෙරෙන පරිදි ග‍්‍රාමීය හා පළාත් මාර්ග වැඩිදියුණු කිරීමටත් අවධානය යොමුවේ. 
 
අපනයන සැලසුම් කලාප, ප‍්‍රධාන කර්මාන්ත පුර, කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තපුර නවීකරණය කෙරෙන අතර කෘෂි නිපැයුම්, සංචාරක කලාප වෙත පහසුවෙන් ගමන් බිමන් යැමට හැකි ප‍්‍රවාහන පද්ධතියක් සකස් කෙරේ. 
 
ස්වාභාවික විපත් අවම කිරීමට පියවර ගැනීමට කටයුතු කෙරෙන අතර කෘෂි ඵලදායීතාව වැඩි කිරීමට ද අඩු ආදායම්ලාභින්ට, දෛනික වැටුප් ලබන්නන්ට සෙත සැලසීමට ද සමස්ත ජනගහණයෙන් 95%කට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට ඉඩ සැලසිමට ද කටයුතු කෙරෙන නව යෝජනා රැසක් මෙවර අය-වැයෙන් ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කෙරේ.
 
Priu