Print this page

2015 අය-වැය පාර්ලිමේන්තු වැඩසටහන Featured

ඔක්තෝබර් 17, 2014

2015 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතට (අය-වැය) අදාළ යෝජිත පාර්ලිමේන්තු වැඩසටහන ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලදී.


ඒ අනුව 2015 වසරට අදාළ අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් අය-වැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබන 24 වැනි දින පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.


ඒ අනුව අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය මේ මස 25 වෙනි දින සිට නොවැම්බර් 01 වැනි දා දක්වා පැවැත්වේ. ඒ සඳහා වෙන් කරන ලද දින ගණන 07කි. දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5.00ට පැවැත්වෙනු ඇත.


අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 03 දින ආරම්භ කරනු ඇත. එම විවාදය නොවැම්බර් 24 වන දින දක්වා පැවැත්වේ. ඒ සඳහා වෙන් කරන ලද දින ගණන 17කි. අය-වැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 24 දින පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.


මෙවර විසර්ජන පනත් කෙටුම්පත් විවාදය වෙනුවෙන් සෙනසුරාදා දින 04ක් ද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.


HC/NDH