Thu05172012

Last update5:10:47 UTC 2012

ඉදිරි විදුලි සංදේශ නියාමන අභියෝග සහ නව ඉඩ ප‍්‍රස්ථා

TRC2012-14 -1පළමුවන අප‍්‍රිකා - ආසියා විදුලි සංදේශ නියාමනයන්ගේ සමුළුව අද (14) සහ හෙට (15) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමය CTO – Commonwealth Telecommunication OrganiZation)  සහ ශී‍්‍ර  ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( TRCSL – Telecommunication Regulatory Commissino of Sri Lanka) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුවේදි සංඛ්‍යාත කළමනාකරණය (Spectrum Management) මීළග පරම්පරාවේ ජාල (Next Genaration Networks) NGN මොබයිල් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සයිබර් ආරක්ෂාව සහ IPv 6 වැනි ඉදිරියේ දී මතුවිය හැකි තීරණාත්මක විදුලි සංදේශ නියාමන කරුණු පිළිබඳ ව ආසියාවේ සහ අප්‍රිකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයින් අතර අදහස් හා යෝජනා සාකච්ජා කිරීමට ඉඩ සැලසෙනු ඇත.

මෙම අදහස් හා යෝජනා  විදුලි සංදේශ නියාමනවරුන්ට සහ ක‍්‍රියාකරුවන්ට අභියෝග විසඳාගැනීමට නව ඉඩ ප‍්‍රස්ථා සපයයි. පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ අප්‍රිකානු - ආසියානු සාමාජික රටවල සමාජ ආර්ථික සංවර්ධනයේ සමානතා පෙරදැරි කරගෙන නියාමන අභියෝග ජය ගැනීමේලා පොදු ප‍්‍රවේශයක් අර්ථකථනය කළ හැකි සහ ඒ මඟින් එම නව වර්ධනීය අවස්ථාව අප‍්‍රිකානු හා ආසියානු ජනතාවගේ අභිවෘද්ධිය සපුරාලීම සඳහා යොදා ගැනීමේ ශක්‍යතාව සහතික කරන ආකාරයේ ප‍්‍රතිඵල ලබා ගැනීමට මෙම සමුළුව අවසානයේ දී අපේක්ෂා කෙරේ.

TRC2012-14 -පොදු ප‍්‍රවේශය  පිළිබඳ එකඟතා ඇති කර ගැනීමේ අරමුණින් විද්වත් කථිකයින් විසින් කරනු ලබන විශේෂයෙන් තෝරාගත් මාතෘකා  සම්බන්ධ දේශන කිහිපයක්  මෙම සමුළුවේදී සාකච්ඡාවට හා උපදේශනයට අර්ථ ගැන්වෙනු ඇත.

(International Telecommunication Union (ITU)  ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය, ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සම්බන්ධ වෙමින් මෙම කාර්යයට සහය පළ කරයි. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මෙහි ප‍්‍රධාන ආරාධිතයා වූ අතර සමුළුවේ ප‍්‍රධාන දේශනය ඔහු විසින් සිදුකරන ලදී.

මෙම සමුළුවේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 19ක් නියෝජනය කරමින් (බංගලාදේශය, භූතානය, කැමරූන්, ගැම්බියාව, ඝානාව, ඉන්දියාව, කෙන්යාව, මාලදිවයින, මුරුසිය, නේපාලය, නයිජීරියාව, රුවන්ඩාව, සියෙරා ලියෝන්,  දකුණු අපි‍්‍රකාව,  දකුණු සූඩානය,  ශ‍්‍රී ලංකාව, ටැන්සානියාව, උගන්ඩාව, එක්සත් ජනපදය) සමුළුව සඳහා සහභාගී වූ අතර එම රටවල් නියෝජනය කරමින් සහභාගී වූ  විදේශ නියෝජිතයන්ගේ සංඛ්‍යාව 50ක් පමණ වේ.

ශ‍්‍රී ලංකාව මෙම සංවිධානයේ සභාපති තනතුර සඳහා 2010 සැප්තැම්බර් මස කොළඹ දී පවත්වන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ 50 වන සංවත්සරයේ දී තෝරා පත් කර ගත් අතර 2011වර්ෂයේ දී ද නැවත තේරී පත්විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ලේකම්  ලලිත් වීරතුංග මහතා සහ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ සභාපති ධූරය හෙබ වූ අතර එහි 2010 වසරේ කොළඹ පැවති 50වන කවුන්සිල රැස්වීමෙහි ද මුලසුන දැරූහ. 2011 වසරේ  ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය 51 වන සමුළුවේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ සභාපති තනතුරට තේරී පත්විය.

 
‘මෙම සමුළුවේ දී අප නව දැනුම හා විශේෂඥතාව පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ සාමාජිකයින් සමග බෙදාහදා ගැනීමට අවස්ථාවක් කරගන්නවා. එකට බැඳී තිබෙන සන්නිවේදන තාක්ෂණ ලෝකයේ සම්බන්ධතා සහ හුවමාරු කර ගැනීම් එක් එක් රටවල ජනතාවට සේවය කිරීමේදී වැදගත්වනවා.’ මෙම සමුළුව හා එහි අපේක්ෂිත ප‍්‍රතිඵල පිළිබඳ ව අදහස් දක්වමින්  ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා එහිදී සමුළුව අමතමින් පැවසීය.

‘අප්‍රිකාවේ සහ ආසියාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ සාමාජිකයින් අතර උපදේශන සාකච්ඡා දිරිමත් කරන්න මෙම වැදගත් අවස්ථාව සංවිධානය කිරීමට මූලිකත්වය ගැනීම ගැන මම ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සුබ පතනවා. මෙම සමුළුවේ ප‍්‍රතිඵල එය සතු විවිධ මාර්ග ඔස්සේ බෙදාහැරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමය අපේක්ෂා කරනවා. මෙම සමුළුවේ දී අවධානය යොමු කෙරෙන ක්ෂේත්‍රවල ක‍්‍රියාකාරකම් මහාද්වීප මට්ටමින් සම්බන්ධීකරණය කිරීමට මෙම සමුළුව මග පාදන බව මම විශ්වාස කරනවා. නියාමන ගැටලු  අපේ ප‍්‍රධාන කාර්යයේ කොටසක් පමණක් නො වේ. ඒවා සන්නිවේදන තාක්ෂණ ඉඩ ප‍්‍රස්ථා සැමට සහතික කිරීමේලා ප‍්‍රධාන සාධකයක් ද වනවා.  යැයි පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමයේ  ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ටීම් අන්වින් මහතා එහිදී සඳහන් කළේය.

1901 දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය හා පොදුරාජ්‍ය මණ්ඩලීය නොවන රජයන් ව්‍යාපාර හා සිවිල් සමාජ සංවිධාන අතර පවතින ජාත්‍යන්තර එකතුවකි. එය අන්තර් ජාතික තොරතුරු හා ජනතාවට සන්නිවේදන තාක්ෂණ භාවිතය පිළිබඳ ව විශේෂ දැනුම් හුවමාරු වැඩසටහන් සංවර්ධනය වන රටවලට ලබාදීම තුළින් ආර්ථික හා සාමාජීය සංවර්ධනය ළඟා කර ගැනීමෙහිලා උපකාර වන සාධනීය ක‍්‍රමවේද සපයයි.

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශනයට අදාළ ජාතික නියාමන කාර්යාංශයයි. ශ‍්‍රී ලංකාවට විශ්වාසදායක හා කාර්යක්ෂම ජාතික හා අන්තර් ජාතික විදුලි සංදේශ සේවාවක් සැපයීම මෙහි ප‍්‍රධාන අරමුණයි. නියාමන ක‍්‍රීයාදාමය හැඩගැස්වීම  පොදු යහපත සුරැකීම හා දිනෙන් දින තරගකාරී වන වෙළඳපොළ අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීම මඟින් විදුලි සංදේශ කර්මාන්තයේ ස්ථීරසාර සංවර්ධනයක් ඇති කිරීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව උත්සුක වෙයි. එසේ ම වෙළඳපොළේ පවතින එම තරගය විවෘත සාධාරණ හා සාධනීය බවට සහතික වේ.

චතුරාණි බණ්ඩාර

Last Updated on Wednesday, 15 February 2012 10:33

විශේෂාංග

Follow Us
Follow Us
Follow Us